දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්
කතෘ: lbnslnews ·

දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කෙරේ
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් අඩි එක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 5,500ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස විශාල ජල ප්රමාණයක් මුදාහැරීම හේතුවෙන් දැදුරු ඔයේ පහළ ප්රදේශවල ජල මට්ටම ඉහළ යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි ප්රදේශවල පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
